උත්තම ගුරු අවතාරය

යුරෝපේ
හොල්මන් කළ
ලංකාවේ උත්තම
ගුරු....
උගන්වන්න මට
වෙණ වයන්න
ජීවිතය නම්
බස් රියේ
තෙරපි තෙරපි
සක්කරයගෙ
ගුලි සෙල්ලම් නැතුව
සිරාවට!
මම කවුද
කියල පෙන්නන්න...

කරන්න මගේ
වෙණ හඬ
පරමාදර්ශී
හැබැයි
තත් නොකැඩෙන
වෙණ හඬ අස්සෙ
යුරෝපීය අවතාර
හැංගිලා
මිනිස්සුන්ගෙ
කනේ නොරිංගන්න

උගන්වන්න
වෙණ වයන්න,
මිනිස්සුන්ට දැනෙන්න
මාව නෙමෙයි
ලඟ ඉන්න අනෙකාව

උගන්වන්න
වෙණ වයන්න,
මිනිස්සුන්ට වැටහෙන්න
සංගීතය නෙමෙයි
තමන්වම

උගන්වන්න
ගුරු
මට
වෙණ වයන්න
වෙනස් කරන්න
මුළු සමාජයක්
ගුරෙකු ගෝලයෙකු
අතරෙ වුණු
සුහද සිම්ෆනියකුත්
තරඟයක්ය
නොසිතන්න
නොකියන්න...

0 comments: