පළමු අවවාදය

අකාලයේ
අහිමි වෙච්ච
තක්සලාවෙ
දිදුලන පුත
උගන්න ගන්නට බැරි වුන
තව පාඩම්
බොහෝම ඇත.

I.පාඩම

පළමු පාඩමෙන් උගනිමු
වීණාවක් අල්ල ගන්ට
බඳ පපුවට තුරුළු කරන්
ඉඟ වටේට අත යවමින්
නොවැටෙන, නොවැනෙන විදිහට
වීණාවක් අල්ල ගන්ට..

පරමාදර්ශී ස්වරයක්
වයන්න ලොවටම ඇහෙන්න
මුලින්ම හරි තැනින් බලල
වීණාවක් අල්ල ගන්න..

ජීවිතයේ වෙණ වයද්දි
"ජලා" වයා ලොව දිනන්න
අපිට උරුම වීණාවක්
පපුවට දැනෙනා විදිහට
ඉරියව්වෙන් අල්ල ගන්න..

මුල් පියවර නිවැරදිවම
දහස් වරක අභ්‍යාසය
අවසන් කර - කොහොමද යැයි
ඉක්බිති පණිවුඩ එවන්න.

පසුවදන(විශේෂ)

දෙවියන්ගේ ගුලිය නැතුව
මිනිස්සුන්ට කඳුලු එන්න
වෙණ වයන්න උගන්නන්න
නොවරදවා පන්ති එන්න.

- ගුරු-

0 comments: