මූසිලට වීණාව ...............?

අකාල

කාලයේ
මූසල
රෝමියෝ
මම.....

අයිතියි මටත්
වීණාවක්
වෙලාවකට

බඳ වටා
යැව්වත් අත
වරින් වර
ලිස්සන
පොඩ්ඩ පොඩ්ඩ

මම
නොවයන
නොසිතන
ස්වර
මගේ වැයුම පරයා
හිමිහිට වැයෙන
වරින් වර
හොරාවට

අමාරුයි
ගුරු...
වයන්න
වෙණ...

අමාරුයි
තියා ගන්න
ලිස්සන වීණාව
පපුවට තද කරන්
එක ඉරියව්වක
හැමදාම.....

අමාරුයි
වයා ගන්න
පරමාදර්ශී ස්වරයක්
හොරෙන් වැයෙන
මා පරයන
නොගැලපෙන
ස්වර ඛණඩ
මැද.....

බැහැ මට
විසි කරන්න
මගෙ වීණාව
මොන වද දුන්නත්,
එයයි මට
ලෝකෙන්ම
වීණාවක්
ලෙස දැනෙන
එකම
වීණාව.

මර ලතෝනි දෙනව
මගෙ සංගීතය
හිතුවත් විසි කරන්න
මගෙ වීණාව

කඩන්නද වීණාව
මට ගැලපෙන්න
හැදෙන්නද මම
වීණාවට ගැලපෙන්න
නැතිනම්,
මරන්නද සංගීතය
වීණාව සමඟම,
විඳින්නද සංගීතය
දැන් වැයෙන
අස්ථායි
ස්වර කීපයත්
සමඟම.....
එසේත් නැතිනම්
ගුරු...
මැරෙන්නද
මම.

0 comments: