Posted by
මූසිල ලෙනින්
Monday, November 15, 2010
at
8:26 AM
වීණාව වැයෙනව
ස්වර දෝරෙ ගලනව
වීණාව පණ ගැහෙනව
මට සතුටු හිතෙනව
ඒත් සමහරු යනව
වීණාව ඉන්නව
දරාන අමාරුව
මම වයන දරදඬුව
මගෙ අමුතු සංගීතයෙ මාව
හැපි එන්ඩින්ග්?ද?
ගුරු...
සංගීතය හරි
ඒත් නැහැ
පරමාදර්ශි..
දරදඬු මගෙන්
වැයෙන ස්වර
අමුයි..
තාලය කඩන මම
අමුයි..
මගේ සංගීතය වෙනස්
තාලය දුරස්
අහන්න
හීමීට
ස්වරයක් ස්වරයක් පාසා
හමුවෙයි
තාලය එවිට
හොර රහසෙ
කනට එන...
ඒ මමද?
මම හොයන්න
දැල් දාමු
ඔබත් හොයන්න
නුඹලාව
මාත් එක්කම
කැඩිල
විසිරිල
අපි...
හැම තැනම
හොයන්න
මිනිසාව...
සංගීතය අහන
සහ
සංගීතය විඳින
බය නැතුව
දෙයියන්ට,
හොයන්න
කලාකරුවාව
සංගීතය හදන
සහ
සංගීතය බෙදන
බය නැතුව
රජුට...
කොහේද කොහේද??
අපේ ලොවක්??
කියල
ඔළුව නමන්න
මට බැහැ...
මම
මූසිල
මම
ලෙනින්
මම
මූසිල ලෙනින්....
මම එකතුවක්
වෙනස්
මම දයලෙක්තිකයි...
මට ඕනි
මිනිස්සු
අහන්න සංගීතය
අනෙකාව දන්න
තමන්ව අදුරන,
මට ඕනි
මිනිස්සු
විවරන්න සංගීතය
අනෙකාට ගරු කරන
තම කටින්
පර කතා නොකියන...
නැහැ
හැපි එන්ඩින්ග්ස්...
මට
ගුරුට
මේ...
......................
හදන්නෙ කොහොමද
හොඳ
කතා සාරයක්
එන්ඩිංග්ස් නැති
ධවල කරත්ත නැති...........
Posted by
ගුත්තිල මාකස්
Wednesday, November 10, 2010
at
7:49 AM
පුත මූසිල
ලොවේ නැත කිසිම
වාදකයෙක්
එකවරම අතට ගත් වීණාව
කදිමට - හිතේ හැටියට
වැයුව...
ලොවේ නැත කිසිම
වීණාවක්
වාදක අතට පත් විගස
මිහිරිම ස්වරය වැයුන...
මියුරු වාදකයෙක් වෙන්න
වැරදි තත් වය වය
නොගැලෙපෙන ස්වර තිය තිය
අසමත් සංධවනි මැද
සමත් වන තැන නොසොයන
පුත
උකටලී නොම වී
වීණාව ගනු මැනවි
වයන්නට පෙර එය
හදා ගනු මැනවි
ඒ ඔබේ හඩමයි
ඔබේ හදේ රාවයමයි
එහිද පන ගැහෙතැයි
දැනුන විට
ඔබෙ ගැටලු ඉවරයි
Posted by
මූසිල ලෙනින්
Wednesday, November 3, 2010
at
5:36 AM
අකාල
කාලයේ
මූසල
රෝමියෝ
මම.....
අයිතියි මටත්
වීණාවක්
වෙලාවකට
බඳ වටා
යැව්වත් අත
වරින් වර
ලිස්සන
පොඩ්ඩ පොඩ්ඩ
මම
නොවයන
නොසිතන
ස්වර
මගේ වැයුම පරයා
හිමිහිට වැයෙන
වරින් වර
හොරාවට
අමාරුයි
ගුරු...
වයන්න
වෙණ...
අමාරුයි
තියා ගන්න
ලිස්සන වීණාව
පපුවට තද කරන්
එක ඉරියව්වක
හැමදාම.....
අමාරුයි
වයා ගන්න
පරමාදර්ශී ස්වරයක්
හොරෙන් වැයෙන
මා පරයන
නොගැලපෙන
ස්වර ඛණඩ
මැද.....
බැහැ මට
විසි කරන්න
මගෙ වීණාව
මොන වද දුන්නත්,
එයයි මට
ලෝකෙන්ම
වීණාවක්
ලෙස දැනෙන
එකම
වීණාව.
මර ලතෝනි දෙනව
මගෙ සංගීතය
හිතුවත් විසි කරන්න
මගෙ වීණාව
කඩන්නද වීණාව
මට ගැලපෙන්න
හැදෙන්නද මම
වීණාවට ගැලපෙන්න
නැතිනම්,
මරන්නද සංගීතය
වීණාව සමඟම,
විඳින්නද සංගීතය
දැන් වැයෙන
අස්ථායි
ස්වර කීපයත්
සමඟම.....
එසේත් නැතිනම්
ගුරු...
මැරෙන්නද
මම.
Posted by
ගුත්තිල මාකස්
Tuesday, November 2, 2010
at
10:13 AM
අකාලයේ
අහිමි වෙච්ච
තක්සලාවෙ
දිදුලන පුත
උගන්න ගන්නට බැරි වුන
තව පාඩම්
බොහෝම ඇත.
I.පාඩම
පළමු පාඩමෙන් උගනිමු
වීණාවක් අල්ල ගන්ට
බඳ පපුවට තුරුළු කරන්
ඉඟ වටේට අත යවමින්
නොවැටෙන, නොවැනෙන විදිහට
වීණාවක් අල්ල ගන්ට..
පරමාදර්ශී ස්වරයක්
වයන්න ලොවටම ඇහෙන්න
මුලින්ම හරි තැනින් බලල
වීණාවක් අල්ල ගන්න..
ජීවිතයේ වෙණ වයද්දි
"ජලා" වයා ලොව දිනන්න
අපිට උරුම වීණාවක්
පපුවට දැනෙනා විදිහට
ඉරියව්වෙන් අල්ල ගන්න..
මුල් පියවර නිවැරදිවම
දහස් වරක අභ්‍යාසය
අවසන් කර - කොහොමද යැයි
ඉක්බිති පණිවුඩ එවන්න.
පසුවදන(විශේෂ)
දෙවියන්ගේ ගුලිය නැතුව
මිනිස්සුන්ට කඳුලු එන්න
වෙණ වයන්න උගන්නන්න
නොවරදවා පන්ති එන්න.
- ගුරු-