කෝ ගුත්තිල මාක්ස් ?

මම
මූසල
මූසිල
ලංකාවේ
හැමෝම බනින

මම
ලේ රතු
ලෙනින්
ලෝකෙ
හැමෝම දන්න

මම
ඇතුලේ
ජීවිත දෙකක්
මූසිල
ලෙනින්
සංදර්භ දෙකක
වෙන් වෙන්ව
අරුත් නැංවෙන
ඉතිහාසයේ
අමුතු චරිත

"වීරයෙක් !"
"ගුණමකුවෙක් !"

නොගැලපීම
අන්ත දෙකක්
එකිනෙක
විසංයෝජනයක්

"මූසිලයෙක් වෙන්න එපා !"
"ලෙනින් වගේ වීරයෙක් !"

සංයෝගනයක්
පොඩි
අඹන්න
ආදර්ශවත්
දැතිරෝද
චරිත

මුන් දෙන්නම
පටි පණුවො
මගේ
හිත් අවකාශයට
ඇහෙන් කන
කනෙන් ගිලින
හැම මගුලම
හිත අස්සෙම
වලඳල
ජීරණය කරන.......

0 comments: