මම ගුත්තිල - කිම මූසිල ?

මම
උත්තම
ගුත්තිල
ලංකාවෙ හැමදෙන
ගුණ වනන

මම
බියකරු
මාක්ස්
ලංකාවෙ හැම දෙන
බියෙන් හැකිලෙන

මම

" උත්තමයෙක්..!"
" පිටුවහලෙක්...!"
" රජ ගෙදරක්...!"
"හාමතයෙක්...!"
මම එක්කෙනෙක්....
ඉඩ දෙන්න
හිතු මතේ
වීණාව හඩවන්න
රජ්ජුරුවන්ට තියා
දෙවියන්ට වත්
ණය නොවී.

ඉඩ දෙන්න
වයන්නට
නොහැකි වුණු
එම ස්වරය
වයන්නට
මනුස්සකමට
වටිනාකමක් දී.

ඉඩ දෙන්න
' පුත මූසිල '
වචනයක් කියන්නට
එදා කියන්නට බැරි වුණ,

" එදා උඹ නියමයි..!
හෙට දවසෙ ලෝකය නුඹටයි..!"

දහසක් මල් පිපේවා
දහසක් සිත් දිනේවා................!

0 comments: